Saturday, November 9, 2013

ආදරයේ මතක සටහන්

ළස්සනට සුන්දරව තිබුනු ආදරයේ මතක සටහන් සුනු විසුනු වෙලා යන්නේ සමහර විට අපි නොසිතන විදිහකට, නොහිතන වෙලාවකට වෙන්නට පුලුවන්. ඔබ අවංකව ආදරය කලා නම් ඔබට ඒ වෙන්ව යාමේ වේදනාව දරා ගන්නට හුගක් අමාරු වේ වි. නුමුත් ඔබට ඒ ආදරය අහිමි වුවා කියා ජීවිතය නැති කර ගැනීම නම් සිදුවන්නේ, අන්න එතනයි ඔබ දුර්වල. ඔබ සැබෑවටම ආදරය කලා නම් ඒ ආදරය ගැන කියන්න ඔබ ජීවත් විය යුතුයි. වේදනාව තුල ජීවත් වෙලා ඔබ සැබෑ ශක්තිවන්තයෙක් බව සැමට පෙන්වන්න. සමහර විට ඔබ දිහා බලා නැවත ඔහු/ඇය ඔබට ලැබෙන්නට පුලුවන්. ඔහුගේ / ඇයගෙ දෙමාපියන් ඔබව බලා ඔබට කැමති වන්නට පුලුවන්. නුමුත් මා එය පොරොන්දු වෙන් නෑ. නුමුත් ආදරයට මිනිසුන්ගෙ හදවත් වෙනස් කරන්න පුලුවන් කියා මම විශ්වාස කරනවා. 

දෙමාපියන් ඔබට එපා කියනවානම් ඇයි අපි ඒ දෙය කරන්නේ. මම ඉන් අදහස් කලේ ඔබට වෙන් වෙන්න කියා නෙවෙයි. ඔබේ දෙමාපියන් අකමැතිනම් එය කිරීමෙන් කුමන පලක් ද ? පලමුව ඒ අකමැති වූ දෙමාපියන් කැමති කරවාගන්න. මන්ද ඔවුන් නොසිටින්නට ඔබ අද මෙතන නොමැති නිසා.

දෙමාපියන් කවදාවත් අපට අයහපතක් වෙනවාට කැමති නෑ. ඔවුන් අපි වෙනුවෙන් හොදම දේ දෙන්නයි උත්සහ කරන්නේ. සමහර විට කලාතුරකින් එසේ නොවන දෙමාපියන් සිටින්නට පුලුවන්. නුමුත් එයට හේතුවක් ඇති, සමහර විට ඒ ඔබේම වැරදි වෙන්න පුලුවන්. ඉතින් අපි මොහොතක් බුද්ධිමත් ව සිතමු.නිවැරදිව තීරන ගමු.

No comments:

Post a Comment