Sunday, November 10, 2013

සිතන්නට ලිපියක් - 1 (ආදරය)

මම මෙය ලියන්නට සිතුවේ අද බොහෝ විට දකින්නට ලැබෙන ගැටළුවක් දෙස බලලායි, මෙම ලිපියට තව බොහෝ දෑ එක් විය යුතුයි.මෙය කියවා මේ මාතෘකාවට අදාලව ඔබේ අදහසත් ලබා දෙනවානම් බොහෝ දෙනෙකුට උපකාරි වේවි.

මොහොතක් සිතන්න ඔබ ආදරය කරන විට කියන වචන, වචන පමනක්ද ? ඔබ සැබෑවටම ආදරය කරනවානම් ඒ වා වචන, බොරු සෝබන කතාවන් නොව ඔබේ ජීවිතය හා බැදුනු කියමන්. කතාවක් තියෙනවා මම හිතන්නෙ ඔබ දන්නවා ඇති "ආදරය අන්ධයි" කියා. ඇත්තටම කවුරු නෑ කිවුවත් එහි සත්‍යක් තියෙනවා. ආදරය කරන විට අපි. අපි ගැන අනිත් අය සිතන්නේ කොහොමද ? මගේ ගැන මා ආදරය කරන කෙනා සිතන්නේ කොහොමද කියා අපි විටෙක සිතන් නෑ .සමහර විට ආදරය කරන විට ආදරය ලැබුන පසු යම් ගැටළුවක් ආවිට හරිම ලේසියෙන් ඔබ ඔහුව/ඇයව අත හරිනවා ඇති.

ඔබ දන්නවාද කොතරම් නපුරු රුදුරු කෙනෙක් වුවත් ආදරය ඉදිරියේ වෙනස් කරන්නට පුලුවන් කියා. ඒ නිසා තමා බුදු දහමේ, කිතුනු දහමේ වගේම තවත් බොහෝ ධර්මයන් තුල එකින් එකාට ආදරය කරන්න කියන්නේ. 

ඒ වගේම තමා දෙදෙනෙක් අතර ඇතිවන ආදරයත්, ඒ ආදරයට පුලුවන් අනිත් කෙනාව ඉහලටම ඔසවා තබන්නට, ඒ වගේම ඒ ආදරයටම පුලුවන් ඒ කෙනාව පහලටම ඇද දමන්නටත්.

මොහොතක් සිතන්න ඔබ යමෙකුට ආදරය කරනවානම් ඒ ඇත්තටමද කියා.නැතිනම් හුදෙක් විනෝදයටද කියා. එය විනෝදයටනම්  සිතන්න ඔහුට ඇයට අවසානයේ ඇතිවන දුක ගැන. ඔබටත් මවක් පියෙක් සහෝදරියක් සහ්දරයෙක් හෝ මිතුරු මිතුරියන් සිටිනවා නේද ? ඔබ කැමතිද ඔවුන්ව රවටා යමෙක් ඔවුන්ව රිදවනවාට? සමහර විට ඔබට එය ගැටළුවක් නොවන්නට පුළුවනි. නුමුත් ඔබ රිදවන කෙනාගේ හදවත වෙනුවෙන් ඔබට පසු තැවෙන්නට වේවි යම් දිනක.

තවත් දෙය තමා ආදරය කරන විට අපි දෙන පොරොන්දු,ඒ පොරොන්දු ඇත්තටම ආදරය කරන දෙදෙනෙක්ටනම් ඉතා විශාල දෙයක්.යම් දිනක කවුරුන් හෝ එය කැඩූ විට විශාල වේදනාවක් හදවතට දැනේවි. ඉතින් හොදම දේ තමා පොරොන්දු නොගෙන පොරොන්දු නොදී සිටින එක. ඒ වගේම ඔබ ආදරය තුල පොරොන්දුවක් දුන්නා නම් එය රකින්න හෝ ඒ දුන් පොරොන්දුව හදන්නට බලන්න. එය ඔබ ආදරයට ගරු කිරීමක් වේ වි.

සමහර විට අපි දකින දෙයක් තමා ආදරය කරනකොට කියනවා "ඔයා නැතුව මට කවදාවත් ඉන්නට බෑ" "ඔයා එක්ක විතරයි මම හෑදාටම ඉන්නේ" ආදී වශයෙන්. ඔබ මොහොතක් සිතුවාද ? එය පුද්ගලයකුගේ හදවත පතුලටම යන වචන බව? ඔබ විනොදයට කරන ආදරයක් නම් කිසිදා එවන් වදන් පවසන් න එපා. එය සමහර විට ඔහු/ඇගේ ජීවිතයටම බලපාන එකක් වේවි.

මෙහි අඩුපාඩු සකසු පසූ තවත් ලිපියකින් ඉතිරිය බලාපොරොත්තුවන්න

No comments:

Post a Comment