Sunday, November 10, 2013

සිතන්නට ලිපියක් - 1 (ආදරය)

මම මෙය ලියන්නට සිතුවේ අද බොහෝ විට දකින්නට ලැබෙන ගැටළුවක් දෙස බලලායි, මෙම ලිපියට තව බොහෝ දෑ එක් විය යුතුයි.මෙය කියවා මේ මාතෘකාවට අදාලව ඔබේ අදහසත් ලබා දෙනවානම් බොහෝ දෙනෙකුට උපකාරි වේවි.

මොහොතක් සිතන්න ඔබ ආදරය කරන විට කියන වචන, වචන පමනක්ද ? ඔබ සැබෑවටම ආදරය කරනවානම් ඒ වා වචන, බොරු සෝබන කතාවන් නොව ඔබේ ජීවිතය හා බැදුනු කියමන්. කතාවක් තියෙනවා මම හිතන්නෙ ඔබ දන්නවා ඇති "ආදරය අන්ධයි" කියා. ඇත්තටම කවුරු නෑ කිවුවත් එහි සත්‍යක් තියෙනවා. ආදරය කරන විට අපි. අපි ගැන අනිත් අය සිතන්නේ කොහොමද ? මගේ ගැන මා ආදරය කරන කෙනා සිතන්නේ කොහොමද කියා අපි විටෙක සිතන් නෑ .සමහර විට ආදරය කරන විට ආදරය ලැබුන පසු යම් ගැටළුවක් ආවිට හරිම ලේසියෙන් ඔබ ඔහුව/ඇයව අත හරිනවා ඇති.

ඔබ දන්නවාද කොතරම් නපුරු රුදුරු කෙනෙක් වුවත් ආදරය ඉදිරියේ වෙනස් කරන්නට පුලුවන් කියා. ඒ නිසා තමා බුදු දහමේ, කිතුනු දහමේ වගේම තවත් බොහෝ ධර්මයන් තුල එකින් එකාට ආදරය කරන්න කියන්නේ. 

ඒ වගේම තමා දෙදෙනෙක් අතර ඇතිවන ආදරයත්, ඒ ආදරයට පුලුවන් අනිත් කෙනාව ඉහලටම ඔසවා තබන්නට, ඒ වගේම ඒ ආදරයටම පුලුවන් ඒ කෙනාව පහලටම ඇද දමන්නටත්.

මොහොතක් සිතන්න ඔබ යමෙකුට ආදරය කරනවානම් ඒ ඇත්තටමද කියා.නැතිනම් හුදෙක් විනෝදයටද කියා. එය විනෝදයටනම්  සිතන්න ඔහුට ඇයට අවසානයේ ඇතිවන දුක ගැන. ඔබටත් මවක් පියෙක් සහෝදරියක් සහ්දරයෙක් හෝ මිතුරු මිතුරියන් සිටිනවා නේද ? ඔබ කැමතිද ඔවුන්ව රවටා යමෙක් ඔවුන්ව රිදවනවාට? සමහර විට ඔබට එය ගැටළුවක් නොවන්නට පුළුවනි. නුමුත් ඔබ රිදවන කෙනාගේ හදවත වෙනුවෙන් ඔබට පසු තැවෙන්නට වේවි යම් දිනක.

තවත් දෙය තමා ආදරය කරන විට අපි දෙන පොරොන්දු,ඒ පොරොන්දු ඇත්තටම ආදරය කරන දෙදෙනෙක්ටනම් ඉතා විශාල දෙයක්.යම් දිනක කවුරුන් හෝ එය කැඩූ විට විශාල වේදනාවක් හදවතට දැනේවි. ඉතින් හොදම දේ තමා පොරොන්දු නොගෙන පොරොන්දු නොදී සිටින එක. ඒ වගේම ඔබ ආදරය තුල පොරොන්දුවක් දුන්නා නම් එය රකින්න හෝ ඒ දුන් පොරොන්දුව හදන්නට බලන්න. එය ඔබ ආදරයට ගරු කිරීමක් වේ වි.

සමහර විට අපි දකින දෙයක් තමා ආදරය කරනකොට කියනවා "ඔයා නැතුව මට කවදාවත් ඉන්නට බෑ" "ඔයා එක්ක විතරයි මම හෑදාටම ඉන්නේ" ආදී වශයෙන්. ඔබ මොහොතක් සිතුවාද ? එය පුද්ගලයකුගේ හදවත පතුලටම යන වචන බව? ඔබ විනොදයට කරන ආදරයක් නම් කිසිදා එවන් වදන් පවසන් න එපා. එය සමහර විට ඔහු/ඇගේ ජීවිතයටම බලපාන එකක් වේවි.

මෙහි අඩුපාඩු සකසු පසූ තවත් ලිපියකින් ඉතිරිය බලාපොරොත්තුවන්න

Saturday, November 9, 2013

ජීවිතය - 02

ජීවිතයේ ඉදිරියටම අපි යනකොට අපි හිතන හැම දේම අපිට ලැබෙනේ නෑ නේද ?සමහර විට අපි ත් හිතන දේවල් කවදාකව නොලැබි තිබෙන්න පුලුවන්. නුමුත් ඔබ ඔබේ උත්සහය අත හැරියාද ? ඔබ උත්සහය තවම අත හැරියේ නැත්නම් ඔබ තවම දිනුවේ නැතත් කවදාක හෝ දිනාවි. ඔබ විශ්වාස කරන්න. ඔව් ඔබ දිනනවා. 

අපි බොහෝ විට කරන දෙයක් තමා අපි හිතන වෙලාවට අපි හිතන දේ නොලැබුන හොත් අපි අපේ අදහස අත හරිනවා නේද ? සමහර විට ඔබ ඒ අත ඇරියේ ඊලග පියවරේදී ඔබ ජයගන්නා දෙයක් වෙන්නට පුලුවන් නේද? ඒක හරියට මුතු මැණික් සොයාගෙන කිලෝ මීටර් ගානක් හාරලා හාරලා අන්තිමට තව මීටර් 100 ක් විතර තියෙද්දී මුතු මැණික් සොයාගෙන යන අදහස අත හරිනවා වගේ දෙයක් වෙන්න පුලුවන්.

තවත් දෙයක් තමා අප වරක් පැරදුනොත් අපි දෙවනි වර උත්සහ කරන් නෑ නේද ?සමහර විට ඔබ උත්සහ කරනවා ඇති, නුමුත් ඔබ එයට කලින් පලමු වර කල වරද හෝ වැරදි හාදා ගත්තාද ?එසේ නොමැති විට දෙවනි තෙවනි වරත් ඔබ අසාර්ථක වෙන එක පුදුමයක් නොවේ නේද ?

ඔබට පුලුවන් ඔබ නොහැකියි කියා සිතනවාද ඇයි ඔබට නොහැකි?උත්සහ කරනවානම් ඔබට කල නොහැකි දෙයක් නෑ. එන්න ඔබේ හිත ශක්තිමත් කරගන්න. වරක් වැටුනහොත් නැවත උත්සහ කරන්න. ඔබේ වැරදි හදා ගන්න. ඔබ කවදාක හෝ දිනනවා. ඔබ පැරදුනත් සිතන්න එයින් යම් දෙයක් ඔබට ලැබුන බව. සොයා බලන්න ඔබට කොතැනද වැරදුනේ කියා.ඔබ නැවත ඉන් පෙර වරද නිසාම පැරදෙන්නේ නැතිවේ වි, පැරදුනහොත් වෙනත් වරදක් නිසා වේවි.අපි අපේ අඩුපාඩු එකින් එක හදා ගනිමින් දිනුම් කනුව කරාම යමු. අතර මැද නවතා දමා දුර්වලයකු නොවී අපි ශක්තිමත් බව ලොවට පෙන්වමු. ඔව් ඔබ දිනනවා මිතුර.

ආදරයේ මතක සටහන්

ළස්සනට සුන්දරව තිබුනු ආදරයේ මතක සටහන් සුනු විසුනු වෙලා යන්නේ සමහර විට අපි නොසිතන විදිහකට, නොහිතන වෙලාවකට වෙන්නට පුලුවන්. ඔබ අවංකව ආදරය කලා නම් ඔබට ඒ වෙන්ව යාමේ වේදනාව දරා ගන්නට හුගක් අමාරු වේ වි. නුමුත් ඔබට ඒ ආදරය අහිමි වුවා කියා ජීවිතය නැති කර ගැනීම නම් සිදුවන්නේ, අන්න එතනයි ඔබ දුර්වල. ඔබ සැබෑවටම ආදරය කලා නම් ඒ ආදරය ගැන කියන්න ඔබ ජීවත් විය යුතුයි. වේදනාව තුල ජීවත් වෙලා ඔබ සැබෑ ශක්තිවන්තයෙක් බව සැමට පෙන්වන්න. සමහර විට ඔබ දිහා බලා නැවත ඔහු/ඇය ඔබට ලැබෙන්නට පුලුවන්. ඔහුගේ / ඇයගෙ දෙමාපියන් ඔබව බලා ඔබට කැමති වන්නට පුලුවන්. නුමුත් මා එය පොරොන්දු වෙන් නෑ. නුමුත් ආදරයට මිනිසුන්ගෙ හදවත් වෙනස් කරන්න පුලුවන් කියා මම විශ්වාස කරනවා. 

දෙමාපියන් ඔබට එපා කියනවානම් ඇයි අපි ඒ දෙය කරන්නේ. මම ඉන් අදහස් කලේ ඔබට වෙන් වෙන්න කියා නෙවෙයි. ඔබේ දෙමාපියන් අකමැතිනම් එය කිරීමෙන් කුමන පලක් ද ? පලමුව ඒ අකමැති වූ දෙමාපියන් කැමති කරවාගන්න. මන්ද ඔවුන් නොසිටින්නට ඔබ අද මෙතන නොමැති නිසා.

දෙමාපියන් කවදාවත් අපට අයහපතක් වෙනවාට කැමති නෑ. ඔවුන් අපි වෙනුවෙන් හොදම දේ දෙන්නයි උත්සහ කරන්නේ. සමහර විට කලාතුරකින් එසේ නොවන දෙමාපියන් සිටින්නට පුලුවන්. නුමුත් එයට හේතුවක් ඇති, සමහර විට ඒ ඔබේම වැරදි වෙන්න පුලුවන්. ඉතින් අපි මොහොතක් බුද්ධිමත් ව සිතමු.නිවැරදිව තීරන ගමු.

Monday, November 4, 2013

මගේ සොදුරියේ ..

අර ඈත පෙනෙන තරු කැට ..
අල්ලනට බෑ මුත් මට ..
...මුලු ලොවම ඔබ දෝතට ..
ගෙන දෙන්නට බැරිමුත් මට ..
.. නුඹේ මුවග සිනා රැලි ..
තබන්නම් මා හැමදාම ..
.. නුඹ දෑතින් අල්ලාගෙන ..
නුඹ අඩන විට .. ඒ කදුලු බිදු ..
මගේ කරගෙන හැමදාටම
.. ඉන්නම් මා නුඹ ලගින්ම ..
මාගේ මේ දිවි තිබෙන තුරාවට ..
හැම දාමත් මගේ සොදුරියේ ..

Sunday, November 3, 2013

පුන්චි සුරංගනාවිය

ළස්සන සුරංගනාවියකට ..
ආදරය කලා මා හිත ..
සතුටින් හිටියා අප ...
විරසක නොවී වසරක් ..
ආදරය කරනවා තවමත් මා..
ඒ පුන්චි සුරංගනාවියට ..
තුරුල් කරන් ඉන්නට ආසයි මම..
මගේ හදවතට ලං කරගෙන..
නොහිතපු ලෙස අපහට ..
සිදු වුනා වෙන් වෙන්නට ..
නුමුත් තවමත් ඔබ..
මගේ හද තුලමයි..
රහසක් තිබුනේ නැත..
මගෙන් නුඹට සැගවුනු ..
තැවෙනවා මා හද ..
පතන්නේ නුඹවමයි
හැමදාම නුඹ එනකන් ..
මම බලා හිදිනවා ..
සිටියත් මෙලොව තව සුරගනන් ...
මා හද ඉන්නේ ඔබ සිතුවිලිමයි ..
පෙම් කරන්නම් මා ..
පිස්සකු විලසින් සැමදා ..
පැරදුනේනෑ හද තවම මගේ ..
මගේ පුන්චි සුරංගනාවිය ..
නුඹ පමනයි සෑමදාටම ..

සිතුවිලි සයුරේ

සිතුවිලි සයුරේ රළ පෙරලි මත
හදවත් පවුරේ මුදු බෑදුම් තුල
දහසක් හෑගුමහි සොදුර බල
නොදෑකපු අමුතුම ලොවකි සද
නුඹෙ එක වදනක මහිමෙ මත
නව යුගයක් මට උදා කල
සියොලග දෑවටී යන ඒ මද නල
ජීවය දුන්නා සොදුර මට
හත්තානේ කදු මුදුන තුල
ආදර කන්දේ සොදුර නොව
කදුලින් තෙත් වු මෙමා හද
සිය දහසක් වර සතුටු කල
නුඹෙ රුව සෑමදා හදේ ඈත

ජීවිතය - 01

ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක්. ඔබ කවුද ? මම කවු ද? අපි හිතන විදිහ හරිම වෙනස්. නුමුත් අපි හැමෝම මිනිසුන් නේ ද ? අද තියෙන ලෝකය දිහා බැලුවහම ඇත්තටම අපි මිනිසුන් ලෙසද අද ජීවත් වන්නේ කියා හිතෙනවා. අද ලෝකයේ අපි විටෙක යන්ත්‍ර වගේ තවත් විටෙක ධනය බලය ජාතිය ආගම ආදී නොයෙක් දේ මත පදනම් වෙලා නේද ? ඇයි අපට මිනිසුන් ලෙස හදවතින් ජීවත් වීමට බැරි ?

මට හිතුනා අද මේ වගේ දෙයක් ගැන කතා කරන්න.මිනිසෙකු ලෙස ජීවත් වීමට ධනය බලය ආදී දේ වුවමනා තමයි . නුමුත් ඒ හැමදේටම වඩා මිනිස් හදවත කියන දේ අපට නැත්නම්. හරි ලෙස කියනවානම් මිනිස් හදවත තුල මිනිසත් බව කියන දේ නොමැතිනම්. අද අපි හරි කැමතියි අප අකමැති කෙනෙකුට රිදවන්නට. නුමුත් ඔබ කී දෙනෙක්ට හදවතක් තිබෙනවා ද අපි ඒ අකමැති කෙනා කරදරයක වැටුනාම උදවු කරන්නට ? අන්න මිතුරේ එවිටයි සැබෑ මිනිසත්කම ඇතිවන්නේ. සමහර විට ඔබේ මිනිසත් බවම ඒ පුද්ගලයාව වෙනස් කරාවි.